album cover
111
1,103
Hip-Hop/Rap
111 was released on October 20, 2021 by Dope And Fresh Empire as a part of the album 111 - Single
album cover
Release DateOctober 20, 2021
LabelDope And Fresh Empire
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM87

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Kevin Smokio
Kevin Smokio
Vocals
COMPOSITION & LYRICS
Kevin Smokio
Kevin Smokio
Composer
PRODUCTION & ENGINEERING
Ramesses Reezy
Ramesses Reezy
Producer

Lyrics

එළියට! එළියට!
මම දැක්ක ගොඩක් හීන ඇත්ත වුණා, එක පේළියට!
අත්දැකීම්ය "දිසාපාමොක්" හරි මාර්ගය කියන,
එකෙන් පටන් අරන්, සමත් වුණා හැම ශ්රේණියම.
උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං, ලේසියට,
හබල් ගෑවා අතින් " දහඩිය, කඳුළු, ලේ " විලක.
ඒ වුණත්, හීනෙන් වත් නෑ හති වැටුණේ හිතට,
ඒකයි පේළි පිටින් එන්නේ, ගන්න ලියන දේ මිලට.
පවුල වෙනුවෙනුයි කරන්නේ මං මේ සෙල්ලම,
මං නැතත්, නම තියෙයි අමතක නොවෙන්නම!
LABEL වැදුණ කොල්ලන්ට, කටහඬක් වෙන්නම් මං,
ඒ වෙනුවෙන් මැරෙන්න වුණොත්, පණ වුණත් දෙන්නම් මං!
සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම,
තැලුනා, පොඩිවුනා, හිත මිදෙන්නම.
වැරදුන තැන්මයි පාඩම් දුන්නේ, පොත් පිරෙන්නම,
ආදරෙන් මතක් කරන්න ඕනේ, හැම කෙල්ලම.
හැමදේම පටලගත්ත කාලෙකුත් තිබ්බා.
නින්දා, අපහාස නම් අපමණ වින්දා.
දැන් අභිමානෙන් ඔළුව උස්සන් ඉන්න හින්දා,
එදා බැන්න උන් ම අද පතුල් ඉඳන් ඉම්බා!
දුන්නත් සමාව තාමත් මතකයි සතාව.
SMOKA තාම එහෙමයි වෙනස් කළේ නෑ රටාව!
හැමෝටම දාන්න බෑ වදන්, මම දාන,
හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන!
මේ අධි මාත්රාවක්, මගේ හරි ප්රාර්ථනාවන්,
තව ගොඩක් දුර ගෙනියාවී අනිවාර්යයි මාව.
කන්ද මුදුනටම නගින්නයි ආසාව!
බලාපොරොත්තුවක් නෑ බහින්න ආයිත් කවදාවත්!
හොයනවා මම තාමත්, මගේ හරි ධාරිතාව.
උපතින්මයි ආවේ, පද බඳිනා විද්යාව.
දන්නවා මම, පෙන්වන පාර හරි, "මාලිමාව"
අල්ලන්නයි ආසාව තනි අතින්, "ආසියාව"
ඒ උනත් එකක් නෙමේ මම නොවෙයි මං දකිනා සීමාව!
මං පිස්සුවක්! වෙන මන්දාකිණියකින් ආව.
මං නිරුවත් කළා වදන් ලියන ක්රීඩාව.
මං ආව දා, කාගේත් පුරසාරම් දුටුවා නිමාව. SMOKA!
සාතන් මෙන් ගති ඇති නොහොබිනා.
බිඳෙන්නේ නැති ආත්ම විශ්වාසයකින් හා,
ගුණාංග වලින් යුතු වූ, "මායිම් බිඳිනා"
උපමා කළ හැකියි සුනාමියකින් පවා.
"බිහිසුණු කුණාටුවක්" සුන් කරන සතුරාව,
කල විලසින් ලාංකීය හමුදාව.
ඒ "ලංකාභිමානය" ලේ වල දුවන කාවවත්ම, හොයාගන්න බැරි නම්,
ඇවිත් අඳුරගනින් මාව!
මං තෝරාගත් එකෙක්, කෝටි ගානක් අතුරින්.
සැප වින්ද තරමට, දික් වුණා කරුමෙත්.
නින්දට වෙනසක් නෑ, මාලිගාවෙත් මඩුවෙත්!
මේ මුවහත නෑ " KATANA " කඩුවෙත්!
පුරුදු හින්දයි ඇස් වහන් යන්නේ අතුරෙත්!
ඉව නිසයි වළේ නොවැටෙන්නේ ඝන අඳුරෙත්!
හිතන්න වත් එපා කරගන්න හතුරෙක්!
මට හිතුනොතින් ඇවිදිනවා මං වතුරෙත්!
විශේෂයෙන්ම ආව ළමයි අළුතෙන්,
පොත ගැන සරලව හිතාගන්න පටුනෙන්.
එක වගේ දහස් ගාණක් විසිවෙද්දී පඳුරෙන්,
මං වගේ එකා යි, දෙන්නා යි ඉන්නේ හිරු සඳු මෙන්.
මස් කන්න ආසයි, රස දන්නා නිසා කටුවේ,
තිරිසන් ගතිත් නැතුවාම නොවෙයි පපුවේ.
උඩටම ආවා, ඉපදුණත් මම පතුලේ,
හොඳ විදිහටයි මට පල දෙන්නේ කරුමේ.
ඇතිවීමයි, නැතිවීමයි දැක්කා අපි තරුවේ,
හැසිරෙන්න එපා අපේ ඉස්සරහ නම්, "තරු" මෙන්!
කලාව නම් වූ අහසේ, ගොඩක් දෙනෙක් තරු වෙයි,
මං මැරුණ දවසට, නිල් අහස කළු වෙයි.
තක්සේරු කිරීම සුදුසු නෑ අඩුවෙන්,
ඒකයි මට මාව විශ්වාස "මරු" මෙන්!
ආලෝකේ තරම දැක්කේ මම අඳුරෙන්.
ඒ හින්දයි පිට පනින්නේ නැත්තේ මං, තනුවෙන්.
"පණ තියන අරුමේ" වදන් මරන්නේ, අමුවෙන්ම!
ලියවෙන දේවල් ඉඩ දෙන්නැහැ ලකුණු අඩු වෙන්න.
මේකෙන් පස්සේ පුළුවන්, ගැටළුකාරී තත්ව මතු වෙන්න.
ඒකමයි මටත් ඕනෙ! "මුණක් දෙකක් රතු වෙන්න"
ආදරෙයි, වදන් සෙල්ලමට හද පතුලෙන්ම!
පතුල් දෙක ගෙවිලා, පහු කරලා කඳු හෙල් ම.
සෙල්ලම මගෙ, මං ආස නෑ මේක බදු දෙන්න!
පවරන්නම් දිනක, මා වන්ම වදන් මරුවෙක්ට!
"විශ්වීය දරුවෙක්ට, නියම සටන් කරුවෙක්ට" මිසක්,
මෙය උරුම නෑ "පෘතග්ජන පණුවෙක්ට"
ඇත් පැටවූ හිටියත් දැන්, දළ ඇවිත් අළුතෙන්ම.
සද්ධන්තයි SMOKA! "කුලෙන්" නෙමෙයි "අරුතෙන්ම"
පිරමීඩයේ මුදුනට එනගමන් ඉන්නේ මඟ,
දැන් ළඟ, "පිටාර ගලනවා වගේ නයිල් ගඟ"
RAH! පෘථිවියට දිස් වුණත් "හඳ"
බිම ඉඳන්, ප්රමාණය මනින්න පුළුවන්ද?
ඒ නිසා "සිහියෙන්" පිරික්සා බලන්න!
අගුලු නෑ, දොරවල් නෑ, දේවල් නෑ වහන්න!
දේවල් නෑ හංඟන්න! "බැරි" නම් පිළිගන්න,
"ඇත්ත - නැත්ත" මාව දන්නා කෙනෙක්ගෙන් අහන්න!
ඕනේ නෑ මගේ නමින්, තවත් නඩු අංක.
පරණ කතා වලින් ඒකයි හිතුණේ සමුගන්න.
කෙල්ලොයි, මත්ද්රව්යයි ඕනේ නෑ සල්ලි වපුරන්න,
"සෙල්ලමෙන්" මයි සපුරන්නේ, හැම අඩුවක්ම.
තිබ්බත් දැන් සබඳතාවන්, කරවන්න "අතුරුදන්"
යථාර්තය තේරුම් අරන් ඉන්නේ, "තටු හකුළුවන්"
කැමති නෑ උදම් අනන්න මං, ගැනම "මං"
ඒත් මං කළු යි, සුදු පාටයි අනිත් "බැටළුවන්"
පිළිතුරුයි ඕනේ, එපා ගේන්න ගැටළු නම්!
නොගැළපෙන උන් නම්, ගණන් ගන්නැහැ පැටලුනත්!
පොඩි පොඩි සත්තු මොන තරම් දැඟලුවත්,
"මකුළු දැලකින්" උන්ට වෙයිද ගැලවුමක්?
දෙවුර මත මැවුණ "මනෝභාව ද්විත්වය"
සොයයි එකිනෙකා තුලින්, ප්රතිබිම්භය.
ශ්වේත වර්ණාලෝක පිරි නිම්නය, කෙලවර
ඇත්තේ "අන්ධකාරයේ ගින්න" ය.
නතු මං, පැණ වූ නීතීන්ට පමණයි, "විශ්වය" විසින්,
ඒ නිසයි හැසිරෙන්නේ, පවත්වාගෙන "රිද්මය"
ඇතුලාන්තය දකිමි යොදාගනිමින් "ප්රිස්මය"
ඉතින් විස්මයක්ද, වැඩිවීම දිස්නය?
අඳුරුයි අතීතය, ඔව්! නමුත්, මම එහි "වහලෙක්" නොවී
වර්ණගන්වා ගත්තා චිත්රය!
කර්මයට පමණයි කළ හැකි විනිශ්චය! මේ අංක ත්රිත්වය.
Written by: Kevin Smokio
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...