Credits
PERFORMING ARTISTS
Ayeshmantha
Performer
Tikx Kooda
Performer
Oneesha
Performer
COMPOSITION & LYRICS
Ayeshmantha Lakmal
Composer
Tikiri Samaraweera
Composer
Oneesha Hansanee
Composer
Dewdu Heshani Karunarathne
Composer
PRODUCTION & ENGINEERING
Ayeshmantha
Producer
Amila M Wickramasingha
Mixing Engineer
Ayeshmantha Lakmal
Cover Art
Harsha Bhanuka
Recording Engineer
Milan Cranabahu
Recording Engineer
Lyrics
හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේ
හොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේ
කලුවර වළාකුලේ රිදී ඉරි හොයන්න
ඒවා එකතු කරන් මගේ කතාව ලියන්න
හිනාවෙන්නයි මට ඕනි
වෙනස් කරන්නේ කෝණේ
බලන්න දිහා ලෝකේ
හිනාවත් එක්ක ශෝකේ
පුදුමයි ජීවිතේ
විඳින්නයි ඕනේ
තරඟයක් මම දැන් යන ගමන පැහැදිලි
තාමත් මතකයන් එක්ක තැවෙන් නෑ දැන් රැවටිලි
මොන තරම් ලෝකේ බාධක
යන්නේ ඇති පාරක
කළුවර පාරක එළියක් හොයන් මම හොයන්නේ
අලුත් ගමනක් පටන් ගන්න එන්න
හීනත් එක්ක පාවී දුරට යන්න
ලැබෙන්නේ එක වතාවයි තීරණ ගන්න
හිනාවෙලා බාධක මැද්දෙන් හීනෙට යන්න
මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ
සීතල රෑ මගේ ලෝකෙ පියඹන්
වේදනාව නිමවෙන්නේ නැති නම්
දරාගන්න හිතුවා මන් මෙතරම්
හිනැහෙන්න ඕනි මට වේදනාව පරදන්
හැමදේම වෙන්නේ හොඳකටයි ඒත්
හැමදේම අපිටමයි වෙන්නේ හැමදේ
ගතවෙන්නේ දින ජීවිතේ
එක දවසක මේ හැමදේම නිමවේ
අමතක කළා මන්
නපුරු මතක එක පෙළට අතුරන් යේ
සතුට ගැන හිතුව මන්
හොඳ දවසක් ඒවි කියා සිතේ අදනම්
සඳ නැති රෑ
දහස් ගනන් තරු තිබුණට ඵල නෑ
අහසක සිත තනිවෙන මේ රෑ
විඳවීම ගැන කවි ලියනවා තව සිතුවිලි නෑ
මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ
Written by: Ayeshmantha Lakmal, Dewdu Heshani Karunarathne, Oneesha Hansanee, Tikiri Samaraweera

