album cover
Mahima
81
Hip-Hop/Rap
Mahima was released on January 3, 2023 by Dope And Fresh Empire as a part of the album Mahima - Single
album cover
Release DateJanuary 3, 2023
LabelDope And Fresh Empire
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM67

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Ramesses Reezy
Ramesses Reezy
Performer
COMPOSITION & LYRICS
Minru Silva
Minru Silva
Composer
PRODUCTION & ENGINEERING
Adeesha @ZeeMajor
Adeesha @ZeeMajor
Mastering Engineer

Lyrics

පාවී ගියාදෝ මකා වේදනා !
යාවී මා හීන අතරින් පාවෙලා !
දවසක් ඒවීදෝ ඉරක් පායනා !
දහසක් දේ ඇයි මේ හිතක් පාරලා ( සොයමි මා ! )
පාවී ගියාදෝ මකා වේදනා ( ලොවක් මවා ! )
යාවී මා හීන අතරින් පාවෙලා ( ඇත්තක් සොයා!)
දවසක් ඒවීදෝ ඉරක් පායනා ! ( නොදනි මා ! )
දහසක් දේ ඇයි මේ හිතක් පාරලා !?.. ( සොයමි මා! )
මගේ හීන මදි තාම පාටවෙලා,
තනිකමත් මට හාද වෙලා ,
දෙවියන්ට අනෙකුන් බාර වෙනා ,
ලොවක මට මම බාරවෙලා ,
හොයන් යන මේ පාරක මගෙයි කියා
ඇයි නවතින්නේ අන් කව්රු නිසාවත්
දේවතා එළි ඈත තියා මග පෙන්නවයි මට එන්න කියා
ඉතින් ඉන්නේ කුමටද? යන්න දුරකට!
හීන ඔක්කොම ඇත්ත කරන්.
හිරනොවී බයකට , දෑස ඇරපන්
එළිය වෙයි අන්දකාරය පලන්.
මේ සමාජෙත් , අපිව තෙරපයි වැරදි පාරක හරවලා
නොදැනුවත්වම අපි හැමෝවම විත්තිකරුවන් කරවලා
මා නිහඩවම හිද පතමි වෙනසක් ,
කරන්නට වරම් ලැබෙයි ද දෙවරක් ?
මවන්නට ලොවක් ඇතත් මෙවලම්
මුන්ගෙ හිත්වල බැදිලා සෙවලක් .
බුදුන් වැන්දට දෑතින් තෙවරක් .
අනුන් පලිවෙලා , තමන් කෙලවන් ,
තන්හාව නිසා මනු ලෝ දෙවනක්
සින්න වෙනවලු මගේ දෙරණත්
පාවී ගියාදෝ මකා වේදනා !
යාවී මා හීන අතරින් පාවෙලා !
දවසක් ඒවීදෝ ඉරක් පායනා !
දහසක් දේ ඇයි මේ හිතක් පාරලා ( සොයමි මා ! )
පාවී ගියාදෝ මකා වේදනා ( ලොවක් මවා ! )
යාවී මා හීන අතරින් පාවෙලා ( ඇත්තක් සොයා!)
දවසක් ඒවීදෝ ඉරක් පායනා ! ( නොදනි මා ! )
දහසක් දේ ඇයි මේ හිතක් පාරලා !?.. ( සොයමි මා! )
ඉස්කෝලෙනම් කියුවේ නෑ බං ජීවිතේ හැටි මං හොයගත්තේ
දහස් වාරක් වරදින්න ඇති , ඒ දේවල් අද පණ පොවලන්නේ
රෑ වැටුනු වල දන්න හින්දයි ඇස් ඇරන් අද මග බලා යන්නේ
සර්පයන්ටත් කන්න දුන්නා , ඇයි ආයේමත් අත කවාගන්නේ ?
හැමෝටම ඕනි , හැමෝටම බෑ. බහුතරේ දේවල් කැප කරන්නෑ ..
වෙන්න දෙන්නේ ඇයි හීන අවපැහැ ? ඉගිල යන්නැද්ද කඩාගෙන රැහැන් ?
බිදුනු නැති හිතක් කා ළගත් නෑ, අදුර නොමැතිව එළි වැටෙන්නෑ .
ඉරහඳයි , ඇත්තයි හංගන්න බෑ .
මට ලැබෙන්නෙත් මං කරන දෑ .
ධර්මතා විශ්වයේ මනාහී !
සමබරයි දෝ අපේ තරාදී ,
ලොවක බර උරහිස් දරාවි
ඇරුනු ඇස් දුර හිද බලාවි
බැදීමන් අප ගිල දමාවි
හිර කරන් රන් අගුලුලාවි
මිදෙන්නට පෙරුම් මන් පුරාවි
අදුරෙන් එළියට මග තනාවි..
පාවී ගියාදෝ මකා වේදනා !
යාවී මා හීන අතරින් පාවෙලා !
දවසක් ඒවීදෝ ඉරක් පායනා !
දහසක් දේ ඇයි මේ හිතක් පාරලා ( සොයමි මා ! )
පාවී ගියාදෝ මකා වේදනා ( ලොවක් මවා ! )
යාවී මා හීන අතරින් පාවෙලා ( ඇත්තක් සොයා!)
දවසක් ඒවීදෝ ඉරක් පායනා ! ( නොදනි මා ! )
දහසක් දේ ඇයි මේ හිතක් පාරලා !?.. ( සොයමි මා! )
Written by: Minru Silva
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...