album cover
Sanakeliye
107
World
Sanakeliye was released on January 1, 2000 by Torana Music Box as a part of the album Dilhani
album cover
AlbumDilhani
Release DateJanuary 1, 2000
LabelTorana Music Box
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM129

Credits

PERFORMING ARTISTS
Indrani Perera
Indrani Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Indrani Perera
Indrani Perera
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුණේ මට ඔබේ දෙනෙත්වල ලියැවුණු පොඩි රහසක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණා ද
ඔබ මා ළඟ සිට ගත්තේ කොයි පැත්තෙන් පාවුණා ද
අක්කා, අයියා, නංගී, මල්ලී මැද මගෙ සිත ගොළු වුණා ද
දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටහුණා ද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුණේ මට ඔබේ දෙනෙත්වල ලියැවුණු පොඩි රහසක්
මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණා ද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියා ද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවා ද
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරි පැතිරී ගියා ද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්
පෙනුණේ මට ඔබේ දෙනෙත්වල ලියැවුණු පොඩි රහසක්
Written by: Indrani Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...