Lyrics

මධුවිතකින් රෑ කල් ගෙවනා ඉඟසුඟ බඳ මායම් කරනා දෙව්ලොව සුවදින් සිත් පුරවා ඔච්චම් කරමින්ඉඟිමැරුවා නිදි නැති රෑ තුන්යම රඟනා රතු දෙතොලින් රහසේ කොඳුරා සලෙලුන් හිත මන් මත් කරනා මල්සර හී වරුසා වැටුණා සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ වෙනකෙක් සනහන පාළු නිවහනේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ රස මදිරා අම පෙම් සුව ගැවසේ තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ විඳි සුව සිහිවන විට සිත පිබිදේ අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද විසේකාර ලඳුනේ මධුවිතකින් රෑ කල් ගෙවනා ඉඟසුඟ බඳ මායම් කරනා දෙව්ලොව සුවදින් සිත් පුරවා ඔච්චම් කරමින්ඉඟිමැරුවා නිදි නැති රෑ තුන්යම රඟනා රතු දෙතොලින් රහසේ කොඳුරා සලෙලුන් හිත මන් මත් කරනා මල්සර හී වරුසා වැටුණා නුඹටම අවනත නැති හිත රහසේ බැදුනද ඔය ගත අනෙකුත් පහසේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ රස මදිරා අම පෙම් සුව ගැවසේ තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ විඳි සුව සිහිවන විට සිත පිබිදේ මධුවිතකින් රෑ කල් ගෙවනා ඉඟසුඟ බඳ මායම් කරනා දෙව්ලොව සුවදින් සිත් පුරවා ඔච්චම් කරමින්ඉඟිමැරුවා නිදි නැති රෑ තුන්යම රඟනා රතු දෙතොලින් රහසේ කොඳුරා සලෙලුන් හිත මන් මත් කරනා මල්සර හී වරුසා වැටුණා තනිවෙන්නම් මා මට නොව නම් ආදරේ මතකේ රඳවන් ගතවෙත් දෙන් ජිවිතේ දිවියේ මතු දා යලි ඒ නම් මා කෙරේ රැකගන්නම් මා පණ මෙන් නුඹේ ජිවිතේ කෙල්ලේ මධුවිතකින් රෑ කල් ගෙවනා ඉඟසුඟ බඳ මායම් කරනා දෙව්ලොව සුවදින් සිත් පුරවා ඔච්චම් කරමින්ඉඟිමැරුවා නිදි නැති රෑ තුන්යම රඟනා රතු දෙතොලින් රහසේ කොඳුරා සලෙලුන් හිත මන් මත් කරනා මල්සර හී වරුසා වැටුණා
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out