Credits

PERFORMING ARTISTS
Uresha Ravihari
Uresha Ravihari
Lead Vocals
COMPOSITION & LYRICS
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Composer

Lyrics

නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ
නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
හද පාමුලේ නැවතී ඔබේ
මතකේ ඔබේ අදටත් මැවේ
පෙර පෑ සිනා සේදී ගියා
කඳුලක් නිසා මම දන්නවා
පෙරමං බලා ඔබ ඇති කියා
හැමදාම මා ඔබගේ තමා
හැමදාම මා ඔබගේ තමා
සතුටක් හිතේ නැතිවත් මගේ
පැතුමන් ළයේ තවමත් තිබේ
හැමදේ දමා පියඹා ඔබේ
තුරුලට වෙලා සතපා හොවා
උකුලේ තියා සෙනහස දොවා
නුදුරේම මා එනවා සොයා
නුදුරේම මා එනවා සොයා
නොදැක ඉන්න බෑ තවමත් අපෙ ආදරේ
නොපත ඉන්න බෑ තවනම් ඔබෙ ජීවිතේ
නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ
Written by: Raj Thillaiyampalam
instagramSharePathic_arrow_out

Loading...