Credits
PERFORMING ARTISTS
Kelwiz
Performer
COMPOSITION & LYRICS
Kavindu Mathangaweera
Composer
Shan Ravishanka
Songwriter
PRODUCTION & ENGINEERING
Azim Ousman
Mastering Engineer
Chamath Ishanka
Producer
Lyrics
අඩේ මං මාරයි මන් ගෙවපු ජීවිතේ පුදුමාකරයි
සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි
නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙව්ලා ගොඩක්
බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පරිච්ඡේදයක්
පෙරලුවා පිටු මන් කාලා කට්ට
දැන්න ඉන්න තැන පට්ට
ඒ කාලේ රැවටුනේ මිනිස්සුන්ගේ බොරු හිනාවට
කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට
ආවා ගියා මිනිස්සු රිදෙව්ව බලපන් හද පාර
ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු
සීනි නැති දාට කන්නේ අපි පැණි රහට හකුරු
අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු
හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු
මනසින් හිතපන් වයසින් බාලයි මන් අත්දැකීම වලින් බහුලයි
බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි
දැම්මට කලු කෝට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින්
හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින්
පාරක් වරදිද්දි නැගිට්ටා මන් දෙපාරක්..
ගල්පර දැක නැවතුන්නෑ දිය ගියා ගලන්
කොහේ ගියත් ගෙදර එනකන් ඉන්දි අම්මා බලන්
හදවතට වඩා දුන්නා මොලේට මන් සවන්
රුක්ශයක් සරුසාරයි ලැබුනොත් නිසි පෝෂනේ
යක්ශයා සැරිසරන්නේ ඇගෙන් කාලා භෝජනේ
විශ්වයක් කරන්නම් වචන වලින් මං මොහනේ
මැරෙන බව දැනත් කරන්නේ ඇයිද සොබනේ
කුරිරුයි ජීවිතේ ඒයි පැරදුනු තැන් බොහොමයි ඒයි
තනියම හිතින් දුක තුනී කරගත්තේ
ආදරේ ලැබුන්නෑ ඒයි බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි
කුරිරුයි ජීවිතේ ඒයි පැරදුනු තැන් බොහොමයි ඒයි
තනියම හිතින් දුක තුනී කරගත්තේ
ආදරේ ලැබුන්නෑ ඒයි බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි
ඉඩොරයක් පස්සෙන් වස්සානයක් ලුහු බදින්නේ
සිත් තැවුලක් නෑ හිත් පතුලේ සැනසීමෙන් දුවන්නේ
ලස්සන මතක තමයි ජීවිතේ හීන තනන්නේ
දුප්පත් මිනිසෙකුගේ අදහස් වචනෙන් මවන්නේ
දැක්කා වැරදි පාරවල් ඒත් ගියේ හරි පාරේ මං
නොමැරි මැරුනා සින්න උන්නා තිබ්බ හැමදේම බං
සැනසී වැනසී මත් වෙලා හීනෙට කඩන් ආවා රාමුවත්
ඕන පසකට පුරුදුයි දෙපතුල් ගෙවුනත් එපා වාරුවක්
විශ්වාසෙන් මං ආවේ ඒකයි ඉන්නේ දාරිතාවේ
කාවවත් මනින්න බෑ දේ ඇසින දකින පරිමාවෙන්
බොරැ මිත්‍යාවෙන් මත් වෙලා වැඩක්ද ඇත්තයි උඩට ආවේ
කාලයක් තිබ්බා ඇවිද්දා ඔව් මමත් තද නහරෙන්
හිතින් හොයද්දි ආදරේ මනස හෙව්වා සල්ලි
අනාගතේ ගැන මං මටම කියවද්දි
අදපු හීන අදුරෙම දියවෙද්දි
අවංකකම තිබ්බා හිතේ නොවෙනස් වී
කුරිරුයි ජීවිතේ ඒයි පැරදුනු තැන් බොහොමයි ඒයි
තනියම හිතින් දුක තුනී කරගත්තේ
ආදරේ ලැබුන්නෑ ඒයි බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි
කුරිරුයි ජීවිතේ ඒයි පැරදුනු තැන් බොහොමයි ඒයි
තනියම හිතින් දුක තුනී කරගත්තේ
ආදරේ ලැබුන්නෑ ඒයි බොරුවෙන් පිරිලා ජීවිතේ
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි
තේරුම්ගත්තා වරදින්න ලොකුම හේතුව
දුන්න නිසයි කන් මේ උනු වෙන හදවතට
බේරගත්තා නැතිවෙන්න යද්දි මං මාව
දැක්ක හිතින් නොදැකපු පැති ගොඩක් එමට
තිබ්බොත් වාසී මිනිසා කැරකෙයි අවාරෙට
දිව්වොත් රහසින් යන්න පුලුවන් වෙයි ගොඩක් දුර
කාගෙත් පහසින් මකන්න බෑ ඒ තනිකම
මටත් රහසින් මේ හිත දිව්වා අදුරට
එළිය හොයන් යන්න ගිලෙන්න ඕන අන්ධකාරේ
ප්‍රෙහේලිකාවක් උනු මේ ජීවිතේ දැක්කා වැටුනු පාරෙන්
ගොඩක් අත්දෑකීම් ගත්තා ජීවිතේ ගෙවුනු ගැඹුරු කාලෙන්
සිනාවකින් සමුදෙන්නම් සැවොම ඉන්න කියලා සාමෙන්
දැනෙද්දි පතුලට දුක උනා මේ හිත හයිය
වැවුනත් සරුවට රුක් අයිති උනා පසට
පෙවුනත් එළිය තාම ඇවිදින්නේ අදුර මත
බොරුව ලේසීය ඇත්ත තරම් අමාරු නැත
දේවල් කරත් රහසින් කවදා හරි එළි වේ
තේජාන්විත හැගීමකින් ඉන්නම් ආපු ගමනේ
සීමාන්විත බවක් නෑ තිබ්බේ මං හීන අතරේ
කව්රුවත්ම එතෙර උන්නෑ දැකපු සසරෙන්
සමුගන්න ඕනමයි උපතක් වෙන සෑම කෙනෙක්
වපුරන්නේ ක්‍රෝදේ ඇයි බැරිද සරසන්න ලෝකේ
අදුනන්නේ බොහෝ දේ ඔව් දැක්ක නිසා ඇසින් අර්තේ
දුක් වන්නේක් වෙන්නෙපා හැරලා බලද්දි ගිය අතීතේ
Written by: Kavindu Mathangaweera, Shan Ravishanka

