album cover
album cover
Wassa was released on November 26, 2022 by The Night Without Her as a part of the album Chanting Of Love
November 26, 2022
LabelThe Night Without Her
BPM76
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

වැස්ස, ඔබ කැමති දවසක වහින්න
මට හුරුයි දැන් මේ ඉඩෝරය
වැස්ස, ඔබ ඉන්න තැනකම හිඳින්න
මට දුරයි දැන් ඒ වසන්තය
ටික දිනක් ළං නොවී හිඳ
මගේ තුරුලේ වෙළුනම
පෙර නොවිඳි සුවඳක්, ඔබ ළඟ හැමුවා
ඒ සැණින් මතුව ආ හැඟුම් වරුසාවට
වරුවක්ම පෙම්වත්ව තෙමී උන්නා
දරාගන්න බැරි නිමේෂෙක
මුසපත්ව තැන්පත් විල්දිය
දෙගොඩ තලාවිත් ගැලුවා
ඔබ දෙසින් හමාඑන
සිහිල් සුළඟේ පවා මට
හුරුපුරුදු උණුහුමක් දැනෙමින් තිබුණා
විඳගන්නටවත් නොදී එය මගෙන් මිදුණාම
යුගයක්ම හෙම්බත්ව දැවී උන්නා
අදහාගන්න බැරි තරමටම
යකඩත් ගිනිගත් හිතක
තෙතමනයත් මැකුණා
වැස්ස, ඔබ කැමති දවසක වහින්න
මට හුරුයි දැන් මේ ඉඩෝරය
වැස්ස, ඔබ ඉන්න තැනකම හිඳින්න
මට දුරයි දැන් ඒ වසන්තය
Written by: Lakshantha Chinthaka, Tharindu Damsara

Loading...