album cover
Mandarame
13
Pop
Mandarame was released on March 4, 2023 by Tuniverse Records as a part of the album Mandarame - Single
album cover
Release DateMarch 4, 2023
LabelTuniverse Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM75

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Ayesh
Ayesh
Performer
COMPOSITION & LYRICS
Ayeshmantha Pramuditha
Ayeshmantha Pramuditha
Songwriter
PRODUCTION & ENGINEERING
Ayesh
Ayesh
Producer

Lyrics

හන්තාන ඉමෙන් එහා ලොවක් හදින් මවා
රොබරෝසියා කුසුම් රහසේ මිලින වෙලා
සංතාපයෙන් වෙලා මිහිදුම් සළුත් ඉරා
මන්දාරමේ නුඹත් පාරා දුරක ගියා
දින ගණන් සති ගණන් ගෙවේවි
මනෝ ලෝක මවන් සිතුවිලි තුළ තැවේවි
නුඹෙ ලෝකෙ නුඹ දුර ඇදේවි
තනිකම තනියට මගෙ තනි මකාවි
මහවැලි ගඟ ඔහෙ ගලාවි
අපෙ මතකයන් ලෝකෙට නොම කියාවි
පෙම් මාවතෙ යළි නොයාවි
මම විතරක් ඒත් නුඹ නම් ඇදේවි]
වස්සාන පෙම් සිහිනේ
වියැකී ගිම්හානේ වාගේ
පාවී දුරට අද මා
අඳුරේ
සිහිවේ මතක අතරේ
ඔබ මා හා පාරාදීසේ
හැබැහින් නැතත් විඳිමී
සිහිනේ
රොබරෝසියන් මල් පාටට
පාට කරන් සිහින ලෝකෙ නුඹ දුර ඇදුනට
පාට මකාගන්න කදුලු මදිවෙයිද අද
ඉන්නෙ තාම එක තැන මම එක්ක හිත
හන්තාන ඉමෙන් එහා ලොවක් හදින් මවා
රොබරෝසියා කුසුම් රහසේ මිලින වෙලා
සංතාපයෙන් වෙලා මිහිදුම් සළුත් ඉරා
මන්දාරමේ නුඹත් පාරා දුරක් ගියා
කවි ලිය ලිය පුරවපු කොළ
හැමදාම රෑට කතා කරපු ගණන් ඒ පැය
අරුතක් නැති වරු ගණන් උඩින්
යන අවසානෙ මේක කියල නුඹ හිතුවද
ගිනිදැල් හදේ රැඳි ඒ
ගිනියම් කළා මගෙ ලෝකේ
වියැළී දැවෙන අද මා
කතරේ
කැළඹී සිලිලාකරේ
කිමිදී සුපෙම් සුව විඳි ඒ
හිඳිමී තනිව වැතිරී
සයනේ
අත අරගෙන පෙර දිනවල
ඇවිදපු හැටි දහසක් දෙන මැද ඔබ
මුහුණට හමුවන අය විමසන විට
පවසන්නෙ මොනවද මම අද
හන්තාන ඉමෙන් එහා ලොවක් හදින් මවා
රොබරෝසියා කුසුම් රහසේ මිලින වෙලා
සංතාපයෙන් වෙලා මිහිදුම් සළුත් ඉරා
මන්දාරමේ නුඹත් පාරා දුරක් ගියා
දුර යන්න දුන්න හේතු දහසට
තැවි තැවි ඉන්නෙ ඇයි වෙලා උඹ අහසට
වැරදුන ආදරෙන් හති වැටුණට
ජීවිතෙ දිනන්නයි ඕන සවි අරගෙන
Written by: Ayeshmantha Pramuditha
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...