album cover
Rookada
1,041
Hip-Hop/Rap
Rookada was released on September 21, 2020 by Zany Inzane as a part of the album Rookada - Single
album cover
Release DateSeptember 21, 2020
LabelZany Inzane
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM70

Credits

PERFORMING ARTISTS
Zany Inzane
Zany Inzane
Performer
Theja Nethmina Silva
Theja Nethmina Silva
Keyboards
COMPOSITION & LYRICS
Theja Nethmina Silva
Theja Nethmina Silva
Composer
Pubudu Eranga Silva
Pubudu Eranga Silva
Songwriter
PRODUCTION & ENGINEERING
Taizy on Da Track
Taizy on Da Track
Producer

Lyrics

අසූ අටේ මිණි ගොඩගණින්
දැක්කෙ නැති උන්ට මේවා බලාගන්න
දඟලන්නෙ ඉඳිකටු කවාගන්න
එපා ආයෙ බටලන්ද පටන්ගන්න
මේවා සෙල්ලම් නෙමේ අඩෝ දැණගනින්
පොඩි කොල්ලො ගාය මුන්ට මරාගන්න
තොපේ අයිතිවාසිකම දිනාගන්න කළින්
දැනගනින් මොළෙ හදාගන්න
රැවුල කොන්ඩෙ වැව්ව ගමන් වෙන්නෑ විජේවීර
ෆිදෙල් වගේ තොට හිතන්න බෑ
ගොන්නු වගේ මරාගද්දි රට ගොඩ ගන්න
විසඳුමක් හොයන්න බෑ
පාර මැද්දෙ උපවාස කළා කියලා
රටේ පාලනේට රිද්දන්න බෑ
එක දෙයක් දැනගනින්
අතීතෙ මේ රටේ වෙච්ච කැළැල් මකන්න බෑ
පාලනෙ කපටි, මේ රටේ, පාලනෙ කපටි
මවන්නෙ ජාතිබේද හිඟා කන්න ඡන්දෙ
අරුන් කිව්වා හරි මේවා වෙන්න කළින්
පෙර නිමිති පෙන්නුවා වටෙන්ම
යාපනෙත් තියෙන්නෙ එකම රටේනම්
එකම නීතිය දකුණෙ වගේම
බෙදීම කරන්නෙ මේ රටෙ පාලනේ
කොල්ලො නෙමේද බං උන් අපි වගේම?
මේ අපි වගේම
මම නම් නැහෙන්නෙ නෑ එක මතේම
නටවන්නෙ අපිව අපෙ අතේම
අපි දන්නෙ සීයෙන් දෙකයි රටගැන
අනූ අටක් හංඟන් ඉන්නෙ පාලනේ
මේක බිස්නස් එකක් අසු තුනෙ ඉඳන්
මැණික් හෙව්වා ජාතිවාද පතලේ
ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
ආසයිලු බලන්න ලේ
මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපං උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ
ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
ආසයිලු බලන්න ලේ
මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපං උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ
ගෙදර හුරතලෙට හැදුන ගොබ්බ රැල
නවක වද කරන්නෙ පොර වෙන්න
ගහන්නෙ මං වචනෙන් යටිබඩ කොරවෙන්න
බොලාගෙ අසහනේ ගානට හොඳ වෙන්න
නවක මොල හෝදලා විසබීජ හලන්නෙ
රට භීත කරන්න ලේ හලලා
බලපං චීවර කැළෙ මරාගන්න දඟලන්නෙ
කිහිළි කරු ගෙදර රැඩිකල්ලා
බලපං ආපු දුරක්
මට තාම දුකක්
අපි තාම හරක්
අපි තාම හරක්
තව වාර දෙකක් තව වාර තුනක්
රට භාර කරමු මොන මඟුල උනත්
උඹ මාව මරන්නෙ රටෙ බලවා
ඉතිං මොකටද උඹෙගැන රසකතා
උඹ කියන්නෙ ඇමති උඹෙ හිතවතා
ඒත් උඹ කනහැටි දන්නවා දිනපතා
අපි ඔළුවෙ කැක්කුමට කොට්ටෙ මාරු කළෙ
පට්ට විසඳුමක් දුන්නා වගේ
රටෙ ප්රශ්න නැත්තං උන්ට වාසිත් නෑ
නිකං හරියට හිඟන්නට තුවාලෙ වගේ
හරි මිනිස්සු යවන්නෙ නෑ තෝරලා
තොපි දාසි උන්ගෙ කුණු හොදලා
මරු යක්ඛ පුතුන් ටික
ගල් ගහලා මරන්නෙ හිටියනම් අද ඔය රාවණා
වයිෆයි නෙමේ ඩෝ දීපල්ලා රස්සා
කරලා දීපං මුලින් රට ආරක්ෂා
අටපට්ටමේ වගෙ ලංකාවෙත් දකින්නෙ
එකම ප්රශ්න ටික සතියක් පාසා
මෙයා ටිකයි හොරකම් කලේ
ඒ නිසා මේ පාර ඡංදෙට මෙයා හොඳා
පක්ෂ වෙනස් මුන්ගෙ පාට වෙනස්
හැබැයි ඔක්කොම අඳින්නෙ එකම ජොකා
ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
ආසයිලු බලන්න ලේ
මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපං උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ
ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
ආසයිලු බලන්න ලේ
මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපං උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ
Written by: Pubudu Eranga Silva, Theja Nethmina Silva
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...