album cover
Mithuriya
album cover
Mithuriya was released on August 14, 2026 by IN RECORDS as a part of the album Mithuriya - Single
August 14, 2026
LabelIN RECORDS
BPM80
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

අහිමිව යන පෙමකට බැදෙමින්
නොමියෙන සිහිනෙක මතක අහුරමින්
වෙන්වෙනා සෙනෙහසයි දැනුනේ..
සැනසෙන්න නුහුරු ලය පහසේ
ලෝවම වෙනතකට කර හොර රහසින්
බිදෙනමුත් සිත් දැන දැනයි රැඳුනේ
සමුදෙන්නේ කෙළෙසද මන්
මේ සිත නුඹටම බැදිලා
විදගන්නට මොහොතක් වත් නුඹ නෑ
වෙනතක ඇදිලා
සංසාරෙම උණුහුම විදිමින්
ලඟ ඉන්නට බැරි නම්
නුඹ වෙනතක ඇදුනාවෙ...
මිතුරියක නොවේ ඔබ මගේ
මතකයේ හිදිනා
ඉදහිට අදටත් මසිත සොයනා
හද කොණක මගේ චකිතය
සුව නොකරම රිදෙනා
සැගවුව හඟුමන් තවම විදිනා
අතීතය ගැන මදකට තැවෙමි
දැනෙනමුත් විදි හැඟුම මිරිගුවකි
ලඟම සිටි බවක් පෙනුණද
දුර ඇදුනේ..
කෙදිනවත් එක් නොවන ප්‍රේමෙකි
මනොවන කෙනෙකුට ඔය නෙතග හිමිවී
කිම නුඹේ මතක බෝදවුනත් නොමැකුණේ?
සමුදෙන්නේ කැළෙසද මන්
මේ සිත නුඹටම බැදිලා
විදගන්නට මොහොතක් වත් නුඹ නෑ
වෙනතක ඇදිලා
පරවෙන්නම මා ලඟ පිපිලා
මල්සුවදද නෑ මැකිලා
ලදුනේ...
මිතුරියක නොවේ ඔබ මගේ
මතකයේ හිදිනා
ඉදහිට අදටත් මසිත සොයනා
හද කොණක මගේ චකිතය
සුව නොකරම රිදෙනා
සැගවුව හැඟුමන් තවම විදිනා
Written by: Induja Perera

Loading...