album cover
Mathakeka Thaniwennam
album cover
Mathakeka Thaniwennam was released on August 20, 2026 by AK Music Studio as a part of the album Mathakeka Thaniwennam - Single
August 20, 2026
LabelAK Music Studio
BPM73
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ඉඳහිට මතකෙට එන ඒ රුවේ
තව නෑ මැකූවේ
නොකියම හිටියට මං පාලුවේ ගිලිලා
ඔය රුව දැකගන්නට මේ භවේ
හැකිවේ නම් ආයේ
ඒ ඇති සැනසෙන්නට මා කෙරේ
නුඹගෙන් නිවිලා
මේ පෙම් පාරෙම මා නැවතීලා
නුඹෙ මතකෙක තනිවෙන්නම් රහසේ වෙලිලා
අපි හමු වූ ඒ මාවතේ ආයේ නොඑන සේ
මා මඟැර නික්මෙන්නෙපා රිදවා
ඔය හසරැල් නෙත් මානයේ වේ නම් පෙර වගේ
මාගෙන් දුරට යන්නෙපා හඬවා
හිමි නෑ දැන දැනම මා
බැඳෙනා තැන නැවතුනා
රිදෙනා හිත් වේදනා
තනිකමේ මා බිඳුනා
මේ භවයේ පැතුවාට නෑ අපි අපිට හිමිවෙලා
මතු සසරේ පැමිණෙන්න මාගේම විතරක් වෙලා
මේ පෙම් පාරෙම මා නැවතීලා
නුඹෙ මතකෙක තනිවෙන්නම් රහසේ වෙලිලා
අපි හමු වූ ඒ මාවතේ ආයේ නොඑන සේ
මා මඟැර නික්මෙන්නෙපා රිදවා
ඔය හසරැල් නෙත් මානයේ වේ නම් පෙර වගේ
මාගෙන් දුරට යන්නෙපා හඬවා...
Written by: Umera Pathirana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...