album cover
AKUNU
album cover
AKUNU was released on August 23, 2026 by BACKUP STORY as a part of the album AKUNU - Single
ReleasedAugust 23, 2026
LabelBACKUP STORY
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

අහසම වුණා කළුවර, ලොකු විපාකයක ලකුණු
ලස්සන වුණත් පොඩි වැස්සක, බය එනකොට ලොකු අකුණු
පිච්චිලා කළු කළේ කබලට ළං වුණ ගිනිවෙච්ච අඟුරු
මම ලියපු වචන හරියට හරි, වැරදුණේ නෑ අකුරු
මේ ලෝකෙම දුවන්නේ එකම තැනක, අනුන්ගේ කීමටයි ජීවිතේ ගෙවන්නේ
මූණට හිනාව දාගෙන, පිටිපස්සෙන් කඩු කිනිසි එවන්නේ
හිතේ නෑ කුහකකමක් නම්, අම්මා දීපු මගේ ජීවිතේ වටින්නේ
ඒකයි බං, මගේ පාඩුවේ මගේ හීන පස්සේ මම නම් දුවන්නේ
රාමුව කඩලා දැම්මා, වෙනසකින් ජීවිතය දකින්න
ආස නෑ කොහොමවත්ම එක විදිහට ජීවිතේ ගෙවන්න
හැදුවා වැරැද්දක් ගානේ, ආස නෑ අඩුපාඩු නම් දකින්න
හුඟක් දෙනා වාසියි, බලන්නේ නැති තැන එකෙක් නෑ අත දෙන්න
පිටියත් එකයි, පන්තියත් එකයි, ඕනේ තැන අපි නම් ready
ළාමක කල්ලි, සිඟිති චණ්ඩි, කටින්ම තියපම් වෙඩි
Eeii!!
මම නම් විස වෙයි උඹ ළඟ
වෙනස් කරපං යන මාවත, උඹලා තාම මුල
අහසම වුණා කළුවර, ලොකු විපාකයක ලකුණු
ලස්සන වුණත් පොඩි වැස්සක, බය එනකොට ලොකු අකුණු
පිච්චිලා කළු කළේ කබලට ළං වුණ ගිනිවෙච්ච අඟුරු
මම ලියපු වචන හරියට හරි, වැරදුණේ නෑ අකුරු
දැඟලුවේ මගේ තැනදී, මං ඔය කාට කාටත් මම ඇහෙන්න කිව්වේ
සෙල්ලමේ අපි නම් තුරුම්පු; කැටකොළ, බෝලයි රඟන්න හදන්නේ
මොකක්ද විහිලුව? පොඩි කල්ලිවලින්ද දැන් අල්ලන්න හදන්නේ?
බලපන්! මම තනි එකා, උඹේ තැන ඉඳන් සෙල්ලම හොල්ලන්නේ
ජීවිතේ මිරිඟුවක්, අපි දකින විදිහ නෙවෙයි බං ඇතුළෙන්
වෙනස්ම එකෙක් බං, මම නම් රසිකයෝ නෙවෙයි, යාළුවෝයි මවන්නේ
ඕනේ නෑ එක වෙන්න, මම මගේ හැකියාවෙන් සෙල්ලමේ රඟන්නේ (තාමත් එහෙමයි)
බලපන්, හෙන වගේ සද්දේ, මගේ සිංදු අපේ කොල්ලෝම කියන්නේ
රැල්ලට ආව එකෙක් නෙවෙයි මම - වැටුණත් හිටන් ඉන්නේ, ඒකයි තව
ගැඹුර දැනගෙනයි මම කිමිදුණේ - ඒකයි කතාව මෙච්චර රස වුණේ
තැලෙන්න තැලෙන්න තමා මේ යකඩේ මෙච්චර සැර වුණේ - "ඒකද මංදා සැර වුණේ."
අහසම වුණා කළුවර, ලොකු විපාකයක ලකුණු
ලස්සන වුණත් පොඩි වැස්සක, බය එනකොට ලොකු අකුණු
පිච්චිලා කළු කළේ කබලට ළං වුණ ගින්නෙච්ච අඟුරු
මම ලියපු වචන හරියට හරි, වැරදුණේ නෑ අකුරු
Written by: Avishka Jayaneththi, Lashan Kumarasiri
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...