album cover
Samaru Pothe
album cover
Samaru Pothe was released on September 25, 2026 by Magampura Records as a part of the album The Thrillium
September 25, 2026
LabelMagampura Records
BPM89
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

විරිත්තල ගියා කොනිත්තල හිත
ඇත්තට සෙට් උනොතින් නම්
මැනික් ගල කියා මං අන්ධද
අඩො විද්දද කොහෙද අද මින්දද
ගිනි පිපිරි ගිණි කිකිළි කරබාන මම ඇද්දා
උඹ හති දා උන්නා දෝ
උඹ හති දා උන්නා දෝ
 
බඩු වැදිල මල මගුලයි
මොරොක්කාන මම ඇද්දා
උඹ සුර ලොව උන්නාදෝ
උඹ සුර ලොව උන්නාදෝ
නොපිපීයන් මලේ අවාරේ
සමරු පොතෙ පිටු ගැලවි දුවනව හුළඟෙ මෙ
ඈතට දැක්කෙ ලස්සන මම නංගි කෙස් කළඹෙ වාහ්
පාට හිඳී acting දාගෙන යනකොට ගස්සල පස්ස
අවිවාදෙකින් තොරව මෙ අයියගෙ හිත කැලඹෙ
අද ගවුම හෙට සාරි පට්ට මංචි ටිකිරි මාරි
කවදක හරි වෙනවද උඹ මගෙ ලෝකෙ මනමාලි
මං පහේ කාසි දාන ඔයා පුංචි කැටයක්
ආසයි මට කැරකෙන්න ඔයාගෙ වටෙ වටයක්
මේ ඔව් අහසෙ තරු වගෙ ඔයා නම් මරු
අරං යන්න කලින් අහන්නෙ ඔයාට මොන අතද හුරු
අල්ල කකුල් දෙක
කිද බිද දුක
බිලා ඇවිත් මම කිව්ව දවසක
ඔයයි නංගි මගෙ first love එක කියල
ඒව නම් බොරු
මේ try කරන පන දාගෙන මේ අයිය සහ
මගෙ අඹ යාලුව කම්පනයෙන් ඔලුව කහ කහ
හැබැයි පිට ගියාට වෙන උන් වගෙ මම බොන්නෑ වහ
හොදින් නැත්නම් බන් නරකින් හරි දීපංකො බහ
බලන්නෙ ඔයා දිහා මං තාප්පෙක්ට මුවා වෙලා
මම තිස්ස රජතුමා නම් එතෙන්දි ඔයා මුවා වෙලා
වෛවර්ණ සපත්තු නෑ අයියට තියෙන්නෙ සෙරෙප්පු
ලුණුයි බතුයි නෙමෙයි කවනව එක වේලකට හරි පරිප්පු
නවත්තනව Ritz Brandy Old Arrack ගල් Bacardi
යන්නැ පිටවෙන්නෑ චපල ඔයාගෙ අයිය නෑ කුපාඩි
පම්පොරි නෑ රජ මැදුරෙ මොකද ඒව කෙරෙන්නෑ
ආදරේ නම් අඩුවක් නෑ එක රැයක් වත් මග අරින්නෑ
පෙම් බස් නම් නතින් දුවේ
තදටම හිතේ වදින කාපුව කන්නෙ නරි
සිංහයො අපි යාලූව මස් බුදින
කෝම උනත් කතන්දර බොහොමයි
නංගියෙ හිත රිදෙන
උඹ වරෙංකො මගෙ දුප්පත් පැලට
උඹයි ඒකෙ රැජින
ගාවල බෝල සබං
ගස්සනව ඩොල්කි රබං
කැන්දං යන්න අයියට ඔයා
අතෙ නෑනෙ මිළ මුදල්
මං වගේ කෙනෙක් ලබං
පිං පුරෝපු මුට්ටියෙ උඹ
කටු මැටි ගැ ගේ පිහින්න
දෑවැද්දට කොහු ඉදල්
මේ මල් වාරෙ
ආයෙත් බඹරුන් එන්නෑ
මින් මතු නාරින් දෙවඟනුන් වෙන්නෑ
උඹ නොගිලුනේ මන්ද
නොගැඹුරුයිද මගෙ ආලේ
ආයෙ ආයේ
යළි මුන නොගැසෙම් පතනෙමි
මා ආනේක වාරේ
බඹරෙකි මා කඩුපුල් සෙවූ දවාලේ
ඒ නොපිපීයන් මලේ අවාරේ
සමිදුගෙන් ඉල්ලුවත් අපි
අපේ වෙන්න මල් තියා
මුදු මාරු කරන දින දිනෙන් දින කල් ගියා
පා තුඩින් ඉස්සිලා මේ නලලේ දෙතොල් තියා
නොකෙරෙන දීගෙ ගැන උඹ නොකීවෙ ඇයි කල් තියා
පල්ලමකි අවසානෙ ඇරඹුනෙ කන්දෙන්
උඹ පල්ලමේ බැහැපං මම මෙහෙම ඉන්දෙන්
ආලෙ දෙපයට සමයි මං ඇවිද යන්නම් කුන්දෙන්
හීනයක් වී නුඹව මට ඇහැරියංකො නින්දෙන්
උනු දේවල් උනාවෙ මකාලිය නොහැකි
අඩනවා නම් වැවක් උනත් මට වාන් දැම්මහැකී
ආගන්තුක වෙලා පෙර මගේ මයි කී
සෙරෙප්පු දාපු කකුල් දෙකට උඹ වෙනව නයිකී
හීතලයි කියා සුළග මේ හමන
කෙසේ කෙරුවාද ඇ මා වැනි ආලවක දමන
සේදයෙන් විය විය සිටියදී විමන
මම යනව ගමන උඹ හැරගනින් උඹෙ ගිමන
පොදි බැඳන් ජීවිතේ කප්පරක් උසට
කුරුලු ජෝඩුව කෝ වැහුවාද වෙන ගසක
තැවී දුක් වී රැකියාව දමා පසෙක
මං කඳුලක් නම් හලන්නැ ඇහැට රොඩු ගියොත් මිසෙක
ඔව් මං කඳුළු නම් හලන්නෑ ඇහැට රොඩු ගියොත් මිසක
කඳුළු නම් හලන්නෑ ඇහැට රොඩු ගියොත් මිසක
මේ මල් වාරේ ආයෙත් බඹරුන් එන්නෑ
මින් මතු නාරින් දෙවඟනුන් වෙන්නෑ
නුඹ නොගිලුනේ මන්ද
නොගැඹුරුයිද මගෙ ආලේ
Written by: Kaushan Gunarathne, Sathsara Madushan Gunathilake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...