album cover
Man Dakka
album cover
Man Dakka was released on September 25, 2026 by Magampura Records as a part of the album The Thrillium
September 25, 2026
LabelMagampura Records
BPM130
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

බහුදින යාත්‍රාවකි මං ඔරු අස්සේ
පාත් නොවූ කන්දකි බල්ලො බිරු අස්සේ
රජවංශෙන් අනවශ්‍යයි වදන් විඳිනවා
කන අස්සෙන් ගිහින් ඔළුව අස්සේ
මල හත්වලාමේ මේ ඇම්බැට්ටයො මොකො රහත් වෙලා
මේ කෙට්ටු කොල්ලෝ ඇයි මේ මහත් වෙලා මේ
පොඩි උන් නෙමේ මුන් තාත්තලානේ
ඕ මං දැක්කා ලස්සන දේ දෑහින් දැක්කා
කාටත් වේලාහින් දැක්කා මං දැක්කා මං දැක්කා
ඕ මං දැක්කා ලස්සන දේ දෑහින් දැක්කා
කාටත් වේලාහින් දැක්කා මං දැක්කා මං දැක්කා
කුඩු සික් නෙමේ අපිට තියෙන්නේ රථ ගාය
ඉර බැහැගෙන එද්දී ආවා හඳ පාය
ගෙදරින් දෝස් මුරේ
තොපි උස් මහත් කරේ
අත ගාල හැදුවෙ අත පය
ගැට්ටෙ බජවු දාන උන් නැව ගිලුනත්
බෙට්ට කෙලින් ඇදේට මග මැරුනත්
ප්‍රසා කිව්වා වගෙ දුන්නෑ වදන් විද්දා
කොහේ මලත් කුන පලයන් ගමට සුද්දා
දෙන්නේ මේ පිට් එකටම හොදේ මං ඇත්තටම අද
මේ පොට් එකටම බැහැලා ඉන්න සෙට් එකටම තද
තක්කෙටම දෙන්නෙ ඇම්බැක්කෙවත් නැති කැටයම්
දාලා බොලා අද ආපු ඔක්කොටම අද ගහමු අඩිය
රෑට පලමු ඩොල්කි පාර පෙරපු අඩිය තාම මග
දෙනම් කුරහන් තලප එක්ක පරිප්පු ආනම කොරලි හොද්ද ලීප උඩ
කවුරු ආවත් අපේ පැත්තේ යවනවා හිරි ඇගේ පතේ
හෙට යමු කැලේ පැත්තේ
ආ ඒකද ඔතන සිමෙන්ති කොළේක ඔතලා ඇත්තේ
මං කාටත් නෑ වැරැද්ද සැම මොහොතකම
මං කාටත් පෙරැත්ත කරන්නේ නෑ කොහෙත්ම
ඕනෙද ගල් කෝපි දෙන්නම් මම රහටම
හෙන හුරා මලටත් හිගන්නගෙ පාත්තරේ
කාලා බීලා හැර නෑ නැනගුල පාත් කරේ
මේ සාස්තරේ දැක්කම සුද්දොත් කොර
ලංකාවෙ උන්ගෙ මෝස්තරේ
ගාය ගාය
ගාය ගාය
ගාය ගාය
අපිට ගාය ගාය
ගාය ගාය
අපිට ගාය ගාය
ගාය ගාය
අපිට ගාය ගාය
ආරක්ෂක කලාපය වත්ත වටේ
මං ගමේ එකා වටේටම පට්ට කැලේ
මගේ වැලි නැ ගෑවිලා දනිහ ලග
මං මල දාට තොපි පොර කන්න එපා ඇවිලා මිනිය ළඟ
ඒ පොර කන්න එපා ඇවිලා මිනිය ළඟ
මිනිය ළඟ
ඒ පොර කන්න එපා ඇවිලා මිනිය ළඟ
ස්වාමිනි මේ ගැත්තාට අවසර දෙනවා නම්
ගල් බාගේ ගානේ බොන්නම් දවසට දෙවරක්
මං full ආතල් එකේ ඉන්න ආතල්ම පොරක්
හවසට එනවා උබ අවසර දෙනවා නම්
අඩෝ තඹ සතේකට මායිම් කරන්නෑ ගෑනු
වචාල කටවල් පතාක කානු
කඩපන් හිරි දැන් ඇරපන් ඇනුම්
දැකල එපාවෙලා කඩප්පුලි මූණු
රුහුණු රටේ මං කාවඩි මෝලන්
පැනලා වරෙල්ලා බෙන්තරින් පාලම්
මට යන්තමින් පාඩම් මන්තර ගුරුකම්
කියන්නම් බොලා නාහපු කුණුහරප
ඕ මං දැක්කා ලස්සන දේ දේහෙන් දැක්කා
කාටත් වේලාහින් දැක්කා මං දැක්කා මං දැක්කා
ඕ මං දැක්කා ලස්සන දේ දේහෙන් දැක්කා
කාටත් වේලාහින් දැක්කා මං දැක්කා මං දැක්කා
Written by: Janaka Shamal, Kaushan Gunarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...