Krediler

PERFORMING ARTISTS
Thanura Madugeeth
Thanura Madugeeth
Performer
Shanika Prabodhani
Shanika Prabodhani
Performer
COMPOSITION & LYRICS
Amila Ruwan Nandasena
Amila Ruwan Nandasena
Lyrics
PRODUCTION & ENGINEERING
Chathurangana De Silva
Chathurangana De Silva
Producer

Şarkı sözleri

යන්නද හේතු හෙව්වෙ මටවත් නොකියාලා
දන්නවාද මගෙ ආදරෙ කොච්චරද කියාලා
ඉන්න හේතු දහසක් ඇති ඔබගෙන් වෙන් වීලා
කොහෙ යන්නද ආදර ඔප්පුව නුඹ ගාව නිසා
සඳ වගෙ ඈතින් ඉඳගෙන වළාකුළින් වැසි වැසී
පෙනි පෙනි නොපෙනී යනවද අහම්බයෙන් වගෙ රැඳී
සඳ වගෙ ඈතින් ඉඳගෙන වළාකුළින් වැසි වැසී
පෙනි පෙනි නොපෙනී යනවද අහම්බයෙන් වගෙ රැඳී
හද ළඟටම ඇවිදින් කණ් දුන්නොත් දිගැසියේ
ගොළු නැති ආදරයේ වචන ඇසෙයි පෙම් වසන්තයේ
යන්නද හේතු හෙව්වෙ මටවත් නොකියාලා
දන්නවාද මගෙ ආදරෙ කොච්චරද කියාලා
ඉන්න හේතු දහසක් ඇති ඔබගෙන් වෙන් වීලා
කොහෙ යන්නද ආදර ඔප්පුව නුඹ ගාව නිසා
තරුව මම කියා ඉර බටු පාර පෙන්නු ජීවිතේ
බොරුවට කිව්වාද එදා ඉඩ ගන්නට මේ හිතේ
තරුව මම කියා ඉර බටු පාර පෙන්නු ජීවිතේ
බොරුවට කිව්වාද එදා ඉඩ ගන්නට මේ හිතේ
එදා තරුව අද පුන්සඳ නුඹමයි මගෙ විජිතයේ
පරිස්සමට බලාගන්න අහස මමයි දිවා රැයේ
යන්නද හේතු හෙව්වෙ මටවත් නොකියාලා
දන්නවාද මගෙ ආදරෙ කොච්චරද කියාලා
ඉන්න හේතු දහසක් ඇති ඔබගෙන් වෙන් වීලා
කොහෙ යන්නද ආදර ඔප්පුව නුඹ ගාව නිසා
Written by: Amila Ruwan Nandasena
instagramSharePathic_arrow_out

Loading...