歌词
ප්රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරි මැවී පේනා
චන්ද්රශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා
නේත්රා මානනා
සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා
ඉඟි පානා දෑසිනා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්රේම හීනේ සොබා ගේනා
සේයා රෑගෙනා
නිම නේනා කාරණා
ඡායා රූ මවා
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා
එනවාදෝ මවා සේයා
ප්රේම හීනේ සොබා ගේනා
ප්රාතිහාරී නුරා ගේනා
මීන දෑසේ මවා ආශා
රූපසාරි මැවී පේනා
චන්ද්රඔශෝභා රසේ පානා
මන ආශා රටා පානා
හිත පෑහී සොබා ගේනා
හිත පෑහී සොබා ගේනා
ප්රේම හීනේ සොබා ගේනා
Written by: Senanga Dissanayake, Shehan Galahitiyawa

