音乐视频

Dansal Dorehi
观看 {artistName} 的 {trackName} 音乐视频

精选于

制作

出演艺人
Nanda Malini
Nanda Malini
表演者
Sunil Ariyaratne
Sunil Ariyaratne
表演者
Sarath Dasanayake
Sarath Dasanayake
表演者
作曲和作词
Sunil Ariyaratne
Sunil Ariyaratne
作词
Sarath Dasanayake
Sarath Dasanayake
作曲

歌词

දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල් වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල් වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක් දකිනු නොහැක ලේ බිඳුවක් නොමළොත් මකුණෙක් මදුරුවෙක් මල බැදුණු ගිණිදණ්ඩේ දැල් බදිත් මකුළු සේනා වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා දස රද දම්හි නිති පැවති නර පති ඇමති වඩන රුති දස රද දම්හි නිති පැවති නර පති ඇමති වඩන රුති සත වෙත පතල මෙත සදති මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි රැකෙයි අකුරට නීතිය දෙයක් වේ නම් යම් සුදුස්සාටමඅයිති වී ඇත නැත අක්රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා අහෝ සැපයි සැපයි මෙපුර විසුමනම් මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා කියමින් නිබඳ ගී මියුරු දකිමින් අවට රූ සොඳුරු කියමින් නිබඳ ගී මියුරු දකිමින් අවට රූ සොඳුරු සතුටින් රඟති මේ නුවරු මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි නැත මුදලේ වටිනාකම් බුහුමන් කරත් ශිල්ප ශාස්ත්රයටම නැත පවුල් වාද,පිල් බේද, කුල වාද, දෑ වාද නැත බදු බර,පවුල් බර ජීවන බර මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා මැරුණත් මේ පුරේ මේ මනරම් සමේ උපදින්ට මතු වාසනා දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල් වලය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී නුවරයි මේ කේතුමතී නුවරයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out