歌詞

අඳුර ඉරා සඳ මිණි මේලාවේ පබලු වළා ඉහිරුනු වේලාවේ බඳුන පුරා අමරස වෑහීලා බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝනදුරු සීමාවේ සතුට රැඳේ මතු මත් මායාවේ මනස නිවී සැනසෙන හෝරාවේ දසත නැගේ හසරැල් ගී රාවේ අඳුර ඉරා සඳ මිණි මේලාවේ පබලු වළා ඉහිරුනු වේලාවේ බඳුන පුරා අමරස වෑහීලා බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා සොඳුරු රැයේ බොඳවුනු ඡායාවේ එලිය නිවේ ඇගෙ රූ සේයාවේ දැහැන බැඳේ සිතුවිලි මාලාවේ කැකුලු පිපේ මදහස රේඛාවේ අඳුර ඉරා සඳ මිණි මේලාවේ පබලු වළා ඉහිරුනු වේලාවේ බඳුන පුරා අමරස වෑහීලා බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝනදුරු සීමාවේ සතුට රැඳේ මතු මත් මායාවේ මනස නිවී සැනසෙන හෝරාවේ දසත නැගේ හසරැල් ගී රාවේ අඳුර ඉරා සඳ මිණි මේලාවේ පබලු වළා ඉහිරුනු වේලාවේ බඳුන පුරා අමරස වෑහීලා බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out