歌詞

මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්යාවේ හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ ඉඳුරාවී ඈත ඉඟි දේවි ලං වේවී ආල හිත පේවී මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී හැම වාරේ කඳුළු බර වේවී රිදුමන් දී ආල කන්යාවී කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ රිදෙන රිදවන වේදනාවන් හමුවේ කෙලෙසක ද බැඳුනේ ආල කන්යාවේ අපිට අපි හිමි නැති මඟේ කෙළවර ද හැඳිනූයේ නුඹව අත හැර යනෙන බැව් දැන කිම ද තව ළං වූයේ ඉඳුරාවී ඈත ඉඟි දේවි ලං වේවී ආල හිත පේවී මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී හැම වාරේ කඳුළු බර වේවී රිදුමන් දී ආල කන්යාවී කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී ඉඳුරාවී ඈත ඉඟි දේවි ලං වේවී ආල හිත පේවී මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
Writer(s): Lakshitha Mihiran, Umera Pathirana Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out