Lyrics

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන් පතිනි මවුන් මට රැක දුන් පතිනි බලය නුඹ අරගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන් මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out