Songtexte

හිත රිදවනා සුසුමක් වගේ නෙත හඬවනා කඳුලක් දිගේ // හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ නුඹ ළඟ නැතිදා //// හිත දුවනවා හැමතැන මගේ නෙත පිරෙනවා සුවඳින් ඔබේ // බැලු බැලු අතේ නුඹෙ රුව වගේ ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ නුඹ ළඟ නැතිදා //// හිත දවනවා මතකය ඔබේ දින ගෙවෙනවා හීනෙන් වගේ // දවසක ඇවිත් ළඟටම මගේ මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ නුඹ ළඟ නැතිදා ////
Writer(s): Isuru Weerasinghe Mudali, Sanka Dineth Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out