Musikvideo
Musikvideo
Credits
PERFORMING ARTISTS
Prageeth Perera
Performer
COMPOSITION & LYRICS
Kelum Dissanayake
Composer
PRODUCTION & ENGINEERING
Prageeth Perera
Producer
Songtexte
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ...
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ...
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්...
ආයෙත් ඉපදෙන්නම්...
මගෙ පාළු
ජීවිතේ සොයා මේ යාලූ
ආදරෙයි කියා රැදුණාලු
හදවතේ ඔයා කඳුළැල් නිවා
ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවා ලු
වැඩියෙනුත් තියා ආසයි ලු
ඔබ මගේ කියා පිළිගන්න මා
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
Written by: Kelum Dissanayake


