Lyrics

ජීවන ගමන මේ සංසාරේ එකටම ඉමු කිව්වා මම අද මහපාරේ පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ කටපුරා හිනා උනොත් දුක අත ළඟ බින්න බැස්සා එදා උඹ මගෙ මේ, මේ හිත ළඟ පැවසූ දේ හසරැලි දඟකරා නෙතළඟ ඊයෙ දැක්කා තොරණ වගෙයි ඩො දැංනං තොටළඟ උදේ, උදේ, උදේ දැක්කොත් කැඳත් නෑ ඒත් good morning මට එපා වෙලා love නම් දැං full boring ඊයෙ මලක් ගහලා යාළු මට තද feeling මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි උඩ පැනලම අල්ලන්නෙ බර අත්තයි උඹ අඹරල මට දීපු දුක පට්ටයි මම මාගම්පුර මනමාලයා දොම්පේ ඌ දිරවන්නෑ මං කරපිංචා නම් සුදු උඹ රම්පේ කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ ගොම නැට්ටෙ මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදු අම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මං දන්නේ නෑ කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ, බං ආලේ අත අල්ලාගෙන ගියපු පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ පපුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ රෑ ආසෙ පායපු තනි තරුවේ උඹ දිහා බලාන මං නිදි මැරුවේ ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ අත අල්ලාගෙන ගියපු (සුදු දෝනි) පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ (අනෙ උඹෙ පානී) පපුවට හිරකරන් හිතින් අඬපු (උඹ පිටි මම සීනි) ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ (හෙට ඉඳන් උගෙ ගෑනි) රෑ ආසෙ පායපු තනි තරුවේ (කියවිල්ල කච කච) උඹ දිහා බලාන මං නිදි මැරුවේ (කට ඇරියොත් පච පච) ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ (ඌ දන්නේ නෑ හුටපට) ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ (තාම ඇති හඬපට) හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම පොකුණෙ ලොකුකම ගඟේ පීනපු මටද මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක සුදු උඹ නේරංජනා ගානක් නෑ මං කන්තක කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක වරදින්න ඕනෙ දවසක හරියන්න මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ දුකට මං බොන්නෙ නෑ වල් කදුරු කන්නෙ නෑ කාටවත් මං බැන්නෙ නෑ විඳෙව්වට රෑ තිස්සේ ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සේ මම පොල් ගහන් නෑ බෑවිලා යන්න සංහතී තාම අර ඇල ගාව පොඩි ගහේ දං ඇති එහෙනං සුදු බුදු සරණින් උඹ පලයං දැං ඇති දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වම් අතින් මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදු අම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේ නෑ කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ, බං ආලේ අත අල්ලාගෙන ගියපු පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ පපුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ රෑ ආසෙ පායපු තනි තරුවේ උඹ දිහා බලාන මං නිදි මැරුවේ ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ අත අල්ලාගෙන ගියපු (සුදු දෝනි) පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ (අනෙ උඹෙ පානී) පපුවට හිරකරන් හිතින් අඬපු (උඹ පිටි මම සීනි) ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ (හෙට ඉඳන් උගෙ ගෑනි) රෑ ආසෙ පායපු තනි තරුවේ (කියවිල්ල කච කච) උඹ දිහා බලාන මං නිදි මැරුවේ (කට ඇරියොත් පච පච) ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ (ඌ දන්නේ නෑ හුටපට) ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ (තාම ඇති හඬපට)
Writer(s): Amila Kaushan Gunarathne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out