Testi

මුවගේ හස කැන් දිලුණේ නෙතගේ කඳුළැල් නිවුණේ හදෙහී පැතුමන් පිපුණේ සැනසූ වදනින් දෙඩුවේ දසුනින් නොමැකී රැඳුණේ රිදෙනා සිතමයි හැදුණේ නොබිඳී සසරේ බැඳුණේ ඇසුරේ ඔබමයි පැතුවේ එකසේ දෙහදක් පිදුණේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසු වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා නොගැයූ කවියක් වාගේ නොලියූ පදවැල් මාගේ මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුණේ මතකේ රඳවා සොඳුරු ම යාමේ හමනා පවනක් වාගේ සිසිලයි ඔබ ගෙන ආවේ කතරට වැටෙනා පොද වැහි වාගේ දෙහදක් පතලා සිත් මල් යාමේ පියමැන අපි යමු පැහැසර යාමේ ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා සිහිනයක මා තබා ඇරයුම් කළා විකසිතව ළං වෙලා සුවඳකට මුසු වෙලා රහස කොඳුරා කියා ඔච්චම් කළා
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out