Video musicale
I successi di Chanuka Mora
Crediti
PERFORMING ARTISTS
Chanuka Mora
Performer
COMPOSITION & LYRICS
Chanuka Mora
Composer
Testi
හිනැහෙන තරමට ඔබ සුන්දර නම්
මුමුණන හැම වදනම මිහිරියි නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්
ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්
දෙතොලින් කියවෙන උණුසුම රස නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්
පිවිතුරු මලටම බඹරුන් ඇදි එන
බව මම දැන ගෙන සිටියා.
බඹරුන් ඇදුනට මගෙ මල කිසිදින
රොන් නොම දෙන බව සිතුවා.
ඉඟියෙන් ඉඟියෙන් රල සැර වැඩි වී
සැඩ සුළඟක රූ මැව්වා.
හැමදින මම නුඹ මගෙමයි සිතුවට
මගෙ මල නුඹ නොම සිතුවා.
හිනැහෙන තරමට ඔබ සුන්දර නම්
මුමුණන හැම වදනම මිහිරියි නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්
ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්
දෙතොලින් කියවෙන උණුසුම රස නම්
එහෙනම්...
රළු මුහුදත් මට මිහිරියි දැන්.
Writer(s): Chanuka Moragoda
Lyrics powered by www.musixmatch.com