Testi

ඉකි බින්ද කදුලු දොරටු මායම් ලඟ නිදි බින්ද අඳුරු කටුක ජීවිතෙ මම රැය ගෙව්ව බිඳුනු කරුම ජීවිත දැක්කට දුවන්නෙ මගෙ පාරෙ ගේමෙ තහනං අඩි බෑ පස්සට පුරවගත්ත හීන මල්ල අහස උසට ලෙහාගන්න අරං දුවනව මම ගැම්ම හිතට මහන්සිය වාසනාව මැජික් එක කොහෙද ටික දුරයි නැවතීම හීනෙ ලඟ සැනසීම රටාවක්ද හිනාවක්ද තනි සල්ලි හොයන මුලාවකද අපි හිනාවෙන්නෙ අඬද්දි අපි වැටි වැටි අහපන් රට කතාව තද කරගෙන පටි නුහුරු කතන්දර සකුර මෝස්තර තනිකමෙ තුවාලෙට තදකරං පැලැස්තර කොන්ක්රීට් වනන්තර මැදිං ගමන පාන්දර මීටර් කිලොමීටර් ලඟ අහන්න එපා සාස්තර මනසයි හදවතයි අතර දවසම ගැටුමක් ආසම ලස්සනම හීනෙ නිදහස් දවසක් කාසිය කොල වාසිය වස්තරේ මනිද්දි අම්මයි තාත්තයි හයියයි හිතින් වැටෙද්දී මහන්සියයි කාන්සියයි කලා හාන්සී ලක්ෂ්මි දෙයියො සරස්වතී එකට වරම් දී හැමුවත් තද කුණාටුවක් නෑ හබලට නිවාඩුවක් රිදී ඉරක් ඇඳෙනව බං අඳුරු වුණත් වලාකුලක් නිදි නැති හැම සීතල රෑම අපි උන්නෙ හීන හොයාන කොල පස්සෙ දුවන රටාව නිමවෙන්නෙ කවදාද රළු පාරට අඳුරු වලාව උරුමයි උපතින්ම ගෙනාව හදවත හිත ලඟ සමපාත අවසර පවසන්න කතාව දවස මතකයි එදා කටුනායක තනිකලා පවුලෙ වුන් කඳුලු යායක සතුට කඳුලට අතරමැද පාරක ඉර පායපං මටත් එන වාරෙක හීන හිරවුණා දෙකෙ දෙකෙ කාමරේ පැනල ඉවරයි පීනපං සාගරේ සල්ලි සල්ලි පස්සෙ දුවනව කෑදරේ මෙහෙ හිත් වල නෑ බං ආදරේ සල්ලි ලඟ නැති වචනය නින්ද අතඇරිය මං හුඟක් හිත බින්ද මට මතකම දුක මුල වින්ද ඇරපු වුන්ගෙන් අහන්නෙ දැං සතුටින්ද හිත පෑරුණ නිදි නැති දෑසම හීන මාලිගාව හදනව දවසම බොඳ වුණදෙන් ආදර සායම රජවෙන්න නෙවෙයි බං වෑයම ලඟ පාරෙ නෙවෙයි ආවෙ අමාරුම පාරේ පැටලි වැරදි පැරදී අනන්ත වාරේ දැවෙන හිතක දුක සංතාප රාවේ සනාතයි සනීපයි උඩුදුවපු තුවාලේ වෛවාරණ චරිත පාට ආසම එක අලු යන්න ඇරල නැති තැන්වල අරින්නෙපා පලු තත්පර ගාණයි සෙල්ෆිය කමෙන්ට් වැටෙන තුරු වරෙන් තිරේ පිටිපස්සට එතන තමයි මරු නිදි නැති හැම සීතල රෑම අපි උන්නෙ හීන හොයාන කොල පස්සෙ දුවන රටාව නිමවෙන්නෙ කවදාද රළු පාරට අඳුරු වලාව උරුමයි උපතින්ම ගෙනාව හදවත හිත ලඟ සමපාත අවසර පවසන්න කතාව යක්ෂ ප්රේත ඝන මනුස්ස කොල ලඟ හදවත දුරස්ත හොයනව මම හරි වැරැද්ද අම්මට තාත්තට බරක්ද යුතුකම වගකීම අතර මැදියම සුභ සිහිනයක්ද උගත් සිප්සතර පොතපත රූල් අතර සීමා ලෞකිකයද නිරාමිසය වාදය පැරදීමා පැය ගාණක පොඩි වෙනසක් හිත ඇතුලෙම ලොකු හිඩැසක් මම ඉල්ලුවෙ එක වරමක් මගෙ පවුලට හෙට දවසක් ජීවිත රඟ මඬල තාම ඔස්ක දිනල නැති එකම රවුමෙ දුවනව බං වෙලාවකට හති අතරක් නැති අතුරක එඩි පෙරට බරට අඩි විදපං හඳටම නවතියි වලාකුලක හරි සතරවරං දෙවි අවසර ඇතිව ගේම ගහං කොල විසිවෙන දවස ලඟදි යාලුවෝ ඇති තරං හෙවණැල්ලත් එළිය ලඟදි විතරයි ඔය වදං දහමට අවනතයි මචං ජීවිත අනියතං හරබැර දෙක තුලනෙ කරේ ජපුර යන්න බලං සිරිසක්වල යන්න ආවෙ මඟුල් බෙරේ ගහං දෙගුරුන් උණු කඳුලින් මගෙ පපුවම බර කරං රට ජාතක කතාව ලඟදිම ගහනව තොරං
Writer(s): Ravindu Rathnayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out