album cover
Riduman
album cover
Riduman è stato pubblicato il 8 febbraio 2023 da Mihiran come parte dell'album Riduman - Single
8 febbraio 2023
EtichettaMihiran
BPM
Melodicità
Acousticità
Valence
Ballabilità
Energia

Testi

මං ගාව ආයේ ආල කම් නෑ ආල කන්‍යාවේ
හංගාන රිදුමන් මැවු හිනාවෙන් නුඹව සැනසූවේ
දෑස පාරන වේදනා කිම ඔය ළමැද පැතුවේ
ආයෙ දවසක අපිම අප හැර යනෙන පෙම් පාරේ
ඉඳුරාවී දෑස ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී
වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ
රිදෙන රිදවන වේදනාවන් හමුවේ
කෙලෙසකද බැඳුනේ ආල කන්‍යාවේ
අපිට අපි හිමි නැති මඟේ කෙළවරද හැඳිනූයේ
නුඹව අත හැර යනෙන බැව් දැන කිමද තව ළං වූයේ
ඉඳුරාවී දෑස ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
හැම වාරේ කඳුළු බර වේවී
රිදුමන් දී ආල කන්‍යාවී
කවදා හෝ නුඹට මා මේ දිවියේ සමු දේවී
ඉඳුරාවී දෑස ඉඟි දේවි
ලංවේවී ආල හිත පේවී
මතු ආයේ හීන ගිනියම් වී ඇවිලේවී
Written by: Umera Pathirana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...