Iraj의 상위 곡
유사한 곡
크레딧
실연 아티스트
Infaas
백그라운드 보컬
Devashri
백그라운드 보컬
Iraj
리드 보컬
가사
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා
සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්රියේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
Created by UMESH GEETHANJANA
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com