album cover
Zd8
album cover
Zd8 was released on September 16, 2022 by Charitha Attalage as a part of the album Zd8 - Single
ReleasedSeptember 16, 2022
LabelCharitha Attalage
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට ඒ බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කොනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා
සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනිවම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා
ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා
හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා
රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කොනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා
(ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී...)
(නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම)
Written by: Charitha Attalage, Kasun Edirisinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...