album cover
album cover
Gladiator Adare was released on May 26, 2023 by Subee Entertainment as a part of the album Gladiator Adare - Single
May 26, 2023
LabelSubee Entertainment
BPM70
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ඈ...හා..මා හිත්.. දෙතැනක තියා
ඒ... ආ..දුරටත්.. කඩුවක් තියා..
ලේ ගලන හීනයක මං නවතලා..
සුව නොවෙන මතකයක අපි හිරකලා..
ග්ලැඩියේටර් ආදරේ
සටනින් හිත් මියැදෙනා
මට මං නැති වුනාවේ
ග්ලැඩියේටර් රාමුවේ
පවුරු දහස බිඳදමා
ඉගිලෙමු ගෙන ආදරේ
හීන දහසකුත් පොදි බැඳගෙන මම
අත් අල්ලන් ගිය මග
ඒ හීන හිත දරන්
තනි වෙලා මං එතනම
තවකෙක් තව හීනයකට ඇරඹුමක්
කරගෙන එයි මංසලදිම දුටුවත්
ඇරඹුම සතුටක් කරගෙන හිටියත්
කල් යනකොට ඇතැම් විට සෝගින්නක්
ජීවිතයම සිත් තැවුලක්
නැහැ අවුලක් කියන්නෙ මහ බොරුවක්
මේ ලෝකය ලොකු රඟ මඬලක්
අපි රැවටුනෙ රඟපෑමට කවදත්
ආදරයම අරගලයක්
ආදරෙ කියන්නෙ තව යුධ පිටියක්
කෙනෙකුගෙ පැරදුම කෙනෙකුගෙ දිනුමක්
මේ ග්ලැඩියේටර් ආදරයක්
ග්ලැඩියේටර් ආදරේ
සටනින් හිත් මියැදෙනා
මට මං නැති වුනාවේ
ග්ලැඩියේටර් රාමුවේ
පවුරු දහස බිඳදමා
ඉගිලෙමු ගෙන ආදරේ
Written by: Kumuduni Wickramathanthri
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...