album cover
Shawty
album cover
Shawty was released on August 4, 2022 by Mihiran as a part of the album Shawty - Single
August 4, 2022
LabelMihiran
BPM84
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

වශී වී මාගේ නෙතුපියන්
මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන්
සසල සලෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි
මා විඳින්නම් ඔබේ ප්රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක
කල් ගෙවමි ඔබ සමඟින්
මල්සරාගේ දුන්නෙන් ගිලිහුණු ඊතලේ
මම දන්නේ නෑ ඒ හීය මට මොකක්ද කළේ
ඔයාගේ අතගන්න හීන ගොඩක් හද පතුලේ දිලේ
මල් පිපුණා වගේ මැලවෙන්න ගිය රෝස පැළේ
Shawty මගේ හිත කාන්දමක්
ඇදෙන්නේ ඔයාගේ ලඟට අල්ලගෙන කුරුමානමක්
සමරු පොත ගන්න කියලා දෙන්න පාඩමක්
ඔයා වෙනුවෙන් ගන්නම් මම ඕන අවධානමක්
මාවතේ මා අතේ රන්දා ඇඟිලි තුඩු හිතුමතේ
තුරුලු කරන් සුරතෙන් යන්නයි මං දිගේ
මං හිතෙන් ඔබ ගත සිඹ ගන්නැයි දෙන නදේ - ඇගේ
අහිතකරයි මට අදි සාන්ද්ර මත් පෙති
දැන දැනත් නුඹ අත්හරින්න බැරි හැටි
පුරුද්ද නෙමෙයි මේක මගේ ජන්මෙ වෙන්නැති
පස්සෙන් ගෙන්න ගත්තා නේද මාව shawty දැන් ඇති
වශී වී මාගේ නෙතුපියන්
මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන්
සසල සලෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි
මා විඳින්නම් ඔබේ ප්රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක
කල් ගෙවමි ඔබ සමඟින්
මට පෙන්නන්න පාර හීනෙ කෝඩුකාර
නොකී ආදරේම ලිව්වෙ මම නුඹෙ නමට දාව
සඳ ඇති රෑක තැනූ හීන මාලිගාව
හැදුවේ නුඹට හිත පොඩිකර යන්න එපා දාලා මාව
මං තාම ඔයාගෙ ආඩම්බර නෙතු ගාව
මං මුලාව හොයාගන්න බැරුව දිශාව
වංකගිරියක ඉන්න මට නුඹයි මාලිමාව
Shawty අහගෙන ඉන්න එන්න මගේ ජීවිත කතාව
ස්වර්ග මෝක්ෂ සැප සිහිවෙනකොට
ඇගේ රක්ත තප්ත නෙතු ආවේනිකයි මට
කලාව පුදදෙන්න මං වගේ සිත්තරෙකුට
නුඹේ අත හිමි නෑ හඹා එන බොහෝ දෙනෙකුට
නාග කන්යාවී මගේ දපනෙ වැටුනා මම
ඔය පින්තාරු කළ රුව සන්ද්යාවකට සම
තන්හාව ආශාව කැටිකරගෙන
ඔයා ළඟ වස්සන්නම් වැහි මන්දාරම
වශී වී මාගේ නෙතුපියන්
මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන්
සසල සලෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි
මා විඳින්නම් ඔබේ ප්රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක
කල් ගෙවමි ඔබ සමඟින්
Written by: Lakshitha Mihiran, Rusiru Anuththara, Sandali Pabasara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...