album cover
Maga Haree
album cover
Maga Haree was released on December 21, 2023 by Mihiran as a part of the album Maga Haree - Single
December 21, 2023
LabelMihiran
BPM73
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

මදි වුනාදෝ
දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා
ඒ නිසාදෝ
වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා
මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන
ඔය රුව දෙස බලමින් සැනසෙන්නට
මඳකට ඉඩ දුන්නා නම් මට
එළිය කරන්නට තිබුනා ඔය හිත
ඒ දෑස් මඟ හැරී
බොහොමයක් කල් ගෙවී ගිය මුත්
නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
මටත් හිනැහිලා ඉන්න තිබුණා
නොකෙරුවා නම් නුඹට ආදරේ
දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී
නොහැඟුනා දෝ මා දුන් සෙනේ
නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්
නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
කඳුළු මගෙ දෑසට නුහුරු වුනත්
නොනවතී වැටෙන මේ කඳුළු නම්
යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්
සුවඳ සිහි කරයි මට නුඹව දැන්
අපි දෙතැනක මතක එක තැනක
හිත් උන්මන්තක ඇස් ආගන්තුක
අහිමිව ගිය හේතු නොදැන මම
ස්වභාව දහමට අවනත වෙමි අද
ඒ දෑස් මඟ හැරී
බොහොමයක් කල් ගෙවී ගිය මුත්
නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
නුඹ කොහේ කියා
සොයන්නට සිතක් මට නැති මුත්
නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
Written by: Lakshitha Mihiran
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...