album cover
Vidabara,
album cover
Vidabara, was released on March 7, 2026 by Independent as a part of the album Vidabara, - Single
March 7, 2026
LabelIndependent
BPM89
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

(Dilo)
හැම තිස්සෙම හිතෙනවා මට, මම වසර ගානකට කලින් හිටිය Dilo (එකා)
නෙවෙයි ඉන්නෙ යලිත් ඇවිත් පෙන්නන්නම් ආයෙම ඌවම
ඔක්කොටම කලින් විසඳන්න ඕන හඬින් මගෙ ම
කටින් පිලිවෙලට ගලපලා මම අකුරක් නෑරම
මේකයි මගේ කතාව ඉස්සර මම පාවී පාවී
ගෙදරින් දෝස්මුර මැද මම රැප් පස්සෙ එක පිම්මේ යාවි යාවි
සල්ලිත් නෑ ජොබ් කරන්න ඩෝ ආසත් නෑ හැමදේම එපාවී
ඒකයි ආසම දේ කරගෙන සල්ලි හෙව්වේ අඳුරු කාලේ නිමාවී
මට සමාවෙන්න මගේ real එකාව ගේන්නම් මං ආයෙම
පරණ එකාව හංගලා නෑ ඩෝ මම ඌ එනවා ආයෙම
මට හිතෙනවා උඹලා අකමැති උනා මං commercial ගැහුවම
Don't worry මගේ real පණවල් ටික මන් එනවා ආයෙම
Hey, සොයාගෙන යන්නේ කාසි, Balance කරන්නම් කලාවක් වාසි
අලුත් දේ ඔප දමන්නේ, ගියත් දුරට මම නෑ රඟන්නේ
හද පතුලෙන් නරක ප්රතිචාරත් මම දරාගන්නේ බාරගන්නේ
කලබල වෙන්නෑ උපේක්ෂාවෙන් මගේ පාරේ හෙමින් ගමන් කරන්නේ
හැරෙන්නෑ මගකින්, මැනවින් මම අඳුරගන්නම්
පෙරලා මන් අනුන්ගෙ පෙලඹවීම්
පෙරලීම්, ජීවිතේ නොයෙකුත් තැන් වලින් මැලවීම්
වැරදීම්, හදාගෙන මම උඩට යමි හිමීන්
කලබල නෑ පාඩුවේ වැඩ මම විටින් විට මේක මතක් වෙන නිසා
උබලගේ ආදරේ තමයි බන් මාව ගොඩක් දුර අරන් ආවේ
මම ගාට ගාට ඉද්දි එකතැන පල් වෙන්න කලින් උඹලා ගත්තා මාව උඩට
පැත්ත මාරු කලේ නෑ මම උඹලත් එක්කම ඉන්නවා එකෙන්ම!
(Dilo)
විඩාබර ගමනක යන්නෙ ගිනි මැදයි
අධිමාත්ර පිපාසයයි - පිණි කැටයි
මට දැනෙන දේ - හැඟෙන දේ
යථාර්ථයයි - පරාවර්තකයි
ඔත්තු බලන තරු දැන් මගේ නිදි කඩයි
දන්නෙ මාව - මගේ හිත විතරමයි
මං ලියන දේ - කියන දේ
උඹ වෙනයි - මගේ හිත වෙනයි
(RUDƎBOYRAY)
සමහරු අහනවා මගෙන් මචං මේ උඹ ට කොහෙන් එන වචන ද?
ඒත් මං හැමදාම ඇහුවෙ මගේ මේ හිතැති සේරම වචනෙන් ලියන්නෙ කොහොමද?
ඇත්ත ලිවීම හෙණ risk එකක්, තුවාල පෑරෙන්න ඉඩ වැඩි නිසා
මේ ලිවිල්ල මාව ගෙනා දුරත් මට හිතාගන්න බැරි නිසා
මගේ අම්මගෙ හීන එක්ක මගේ මොළේ දාලා තරාදියක
වැඩි බර පැත්තෙ ස්කන්ධය බෙදුවා, මහන්සියෙන් දෙකට
ඇතත් මටත් ඕනෑ නම් හරි TV ගිහින් කිවහැකි දුක කතාවක්
ඒත් එපා උඹලගෙ අනුකම්පා, මග හරිනවා හිතාමතාමත්
දුෂ්ඨ වුණත් කෙතරම් කළ කී දේවල් මේ සත්තු
මිනිස්සු - හැමදේ සාධාරණීකරණය කරගත්තු
ගැරහීම්, පෙළාදැමීම් මිස සෙනෙහස දෙන්න බැරි උන්
කැට තියලා කියන්නෙ මචං - නෑදෑයෝ කැ*යෝ
හිර කරන් ඉන්න බැරි දේවල් අරන් අතින් ලිව්වා
හිතේ බර කොළේ උඩ ඔහේ දුවන පෑන කිව්වා
බිඳෙන්න ළඟ මගේ හිස සී සීකඩ දිව්වා
Shredder උඹේ සද්දෙ අස්සෙ මං හැමදාම මාව හෙව්වා
ඒ ඇස් - යකඩ කපන කියතක් අල්ලන්නේ නෑ මට ඒ බැල්මවත්
නෑ - මෙතන ව්යාජ තීන්ත තිතක එක පැල්ලමක්
මට මාව නැති වෙනවට බයයි මං ඒකයි
පදින්නැත්තෙ මා දිහාවට ගහන් එන රැල්ලවත්
ලිරික්ස් ගැන කතාවෙද්දි නම මගේ මගහැරෙන කාටත්
"නපුරු හමුදාව" ඉඳපන් මා ළඟම, ඔව්!!! මං මැරෙන දාටත්
අනියමාර්ථයේ අසම්භාව්ය ක්රියාවන්ට හැරුණා සමහර හීනත්
මැරෙන්න කලින් ඒත්, මගේ නම ඉස්සරහටත් දාපන් මං කියලා ශ්රීමත්...!!!
(Dilo)
විඩාබර ගමනක යන්නෙ ගිනි මැදයි
අධිමාත්ර පිපාසයයි - පිණි කැටයි
මට දැනෙන දේ - හැඟෙන දේ
යථාර්ථයයි - පරාවර්තකයි
ඔත්තු බලන තරු දැන් මගේ නිදි කඩයි
දන්නෙ මාව - මගේ හිත විතරමයි
මං ලියන දේ - කියන දේ
උඹ වෙනයි - මගේ හිත වෙනයි
Written by: Dilochana Perera, Rayviyan Floyd Driyon
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...