Lyrics

නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා තත්පර මිනිත්තු පැය දවස් උදේ ඉදන් වෙනකන් හවස් ඉවසුවා මමත් සතුටක් නෑනේ තවත් සල්ලි ගොඩක් නැති ජීවීතයක් වගේ අන්ධයට සිතුවමක් තේරුමක් නෑ කලුවරයි තිබුනත් වටේට පාට ගොඩක් අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී ඉවසන්න බැරි වුනා පොඩි වුන්ගේ බඩගිනි දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට පනින්න නෑ නේ කහ ඉරි නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා පිලිගන්නවා කොන්ක්රීට වත්තට කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට පිනට බරයි අපි නෑ පව පැත්තට බල්ලන්ට පොශ් කඳුල අපිට කොස් මදුල අපේ රස බොජුන් වගේලු උන්ගේ ඉඳුල දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි පොඩි උන්ට කන්න ලැබුනොත් හොදටම ඇති කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ උසාවී ගානේ මගේ ෆයිල් නෑ පළවෙනි පාරට මම සිල් කැඩුවේ පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ හදවත ගින්නෙන් ලේ රත් කරලා පපුව පිච්චුනත් තේ වක් කරලා දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා
Writer(s): Kasun Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out