Lyrics

මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා ඔබ අරන් යන්න ගියදා මතකය ඒ තප්පරයේ නැවතිලා මට යන එනමාක් නැතුවා කලාතුරකින් පිපෙන මලේ වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ නෙතඟින් බලනා ඔබ මට ගයනා ගීත ඇසුනා පුරහඳ යට මා (පුරහඳ යට මා) ඔබ හට ලියනා ගීතය ගැයුවා මගෙ හිත ඔය ඇස් ගගනේ කිමිදිලා මගෙ හිත ඔබෙ ඇස් ගගනේ කිමිදිලා තරු මඬල පුරා සරලා හැංගුනු ඒ හිත කොයිදැයි සොයනවා ඔබෙ නෙතු ඇතුලට එබිලා කලාතුරකින් පිපෙන මලේ වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ නෙතඟින් බලනා ඔබ මට ගයනා ගීත ඇසුනා පුරහඳ යට මා (පුරහඳ යට මා) ඔබ හට ලියනා ගීතය ගැයුවා මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා යලි ලිහා ගන්න බැරුවා
Writer(s): Marlon Bjorn Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out