Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
King Lotuss
Performer
DILU Beats
Performer
COMPOSITION & LYRICS
Ashan Perera
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
Producer
Lyrics
සමාවෙන්න දරුවො මට
උබව හදාගන්න බැ මට දරුකමට
මේවා ලෝකයාගෙන් හංගපු කරුණු
නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට
ඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනා
නුබ ආව දින සිට නැත සිහි කල්පනා
ගයමි වසරකට පහනක් දල්වලා
දුක දනී පරාගනේ නැවතුන මල්වල
පුවතකි හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ
පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ
කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින්
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින්
මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින්
මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන්
කවුරු කිව්වත් පිටින්
අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින්
අපිව තේරුම් ගන්න ඉතින්
උබේ පියා කුරුල්ලෙකි අත්හැරගත්ත මිටින්
උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්
සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න
සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න
උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම
උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න
වටේ එවුන් විකල්පයන් පෙන්නයි
කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි
මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි
මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි
පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ
පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ
හරිම මුස්පේන්තු පාලුවක්
උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත්
බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත්
ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත්
වැරදී
ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී
ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී
සැපදී හදාගන්නට තමයි කැමතී
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
Written by: Ashan Perera, Dileepa Madhushan


![Watch King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video] on YouTube Watch King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video] on YouTube](https://i.ytimg.com/vi/8G3A-l_v5zo/maxresdefault.jpg)