制作
出演艺人
Pasan Liyanage
表演者
Nadeemal Perera
表演者
作曲和作词
Pasan Liyanage
作曲
制作和工程
Pasan Liyanage
制作人
歌词
ස්වේත සිහිනේ සරනා ලියේ
මේ වසන්තේ හිමිකාරියේ
ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ
හැඩකාරී... දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා...
ඔබ ඒවී හද ගිම් නිවා
රූ කැලුම් නෙත රස ගන්වනා
භාග්‍යවන්තී දිව්‍යංගනා
මධු මී බඳුනේ තැවරූ ලවනේ
පහසේ මිහිරී නිම් හිම් නොවුනේ
හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා...
ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
සුරවමිය ඔබයි ලඳුනේ සැමදා
හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හදගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා..
Written by: Pasan Liyanage

