Lyrics

සිහිනයෙන්වත් නොසිතූ විලසින් නොවෙද ඔබ මා ලං උනේ සිහිනයෙන්වත් නොපැතූ අයුරෙන් කිමද ඔබ මා වෙන්වුනේ හිතාගන්න බෑ කියනු මැන ලදුනේ කිමද ඔබ මාගෙන් වෙන්වුනේ වේදනාවෙන් තැවුන මා සිත නිවා සනසා ආදරෙන් තුරුලුවී ඔබ කියු පෙම් වදන් මතක් වෙනවිට කොහොම ඉවසන්නදෝ හමුවුනෙ අප මෙලෙස වෙන්වන්නදෝ හඩන්නට මගේ නෙතේ කදුලුත් නෑ සිනාසෙන්නට ඔබත් මාලග නෑ හිතාගන්න බෑ කියනුමැන ලදුනේ කිමද ඔබ මාගෙන් වෙන් වුනේ මගෙන් නොලැබූ සතුට සැනසුම සොයා යන්නේ ඔහුවෙතින් ලදේ ඔබ රැවටී බිද දමා පැතුම් මා ඔහුවෙත වෙන්වෙලා කුමරියෙ මගේ ලොවම අදුරින් වෙලා හිමි නැතත් ඔබ මගේ අහිතක් නෑ යලිත් මා ඔබ සොයා එන්නේ නෑ හිතාගන්න බෑ කියනු මැන ලදුනේ කිමද ඔබ මාගෙන් වෙන් උනේ කිමද ඔබ මාගෙන් වෙන් උනේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out