album cover
Aa Ha Ma
album cover
Aa Ha Ma was released on July 10, 2026 by DI Entertainment as a part of the album Nura Ananthe
July 10, 2026
LabelDI Entertainment
BPM67
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

මේ හැන්දෑවේ වෑහෙනා
කදුලක් වී මා හිත පාරලා
ලග දැවටී දැවටී දුන්නේ වේදනා
අතැගිලි බැන්දට ඈ එදා නොදනී ඈ හට මා පෙම් කලා
සිපගද්දී ඈ දුන් නෑ මේ වේදනා
අහසින් වැටෙනා පිනි දෝරයේ
මා දැවුනා ඈ ලග හීතලේ
අද තනිවී නැවතී මාගෙ කල්පනා
ඇවිලේ මතකේ අප ආ මගේ ඈ හොයනා ලෝකය මා හදේ
සිපගද්දි ඈ දුන් නෑ මේ වේදනා
මේ හැන්දෑවේ වෑහෙනා
කදුලක් වී මේ නෙත පාරලා
හිත රැවටී තනිවී වින්දේ වේදනා
අතැගිලි බැන්දට ඈ එදා නොදැනී තාමත් මන් පෙම් කලා
සිපගද්දී ඈ දුන් නෑ මේ වේදනා
අහසින් වැටෙනා පිනි දෝරයේ
මා දැවුනා ඈ ලග හීතලේ
අද තනිවී නැවතී මාගෙ කල්පනා
ඇවිලේ මතකේ අප ආ මගේ ඈ හොයනා ලෝකය මා හදේ
සිපගද්දි ඈ දුන් නෑ මේ වේදනා
ඈ හා මා
වෙන් වී ලා
ඈ හා මා
වෙන් වී ලා
Written by: Dilru Jinajith Costa, Nuwan Jeewaka Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...